Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක්

(UTV | කොළඹ) –

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් අනුමත කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම මූල්‍යාධාරය අනුමත කර ඇත්තේ, මෙරට සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා බව සඳහන්.

සියලු පුරවැසියන් සඳහා වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් සහතික කරමින් රටේ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා රජය නිරතුරුව කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කැපීපෙනෙන කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇති බවත්, ඉදිරියේ එන අභියෝග ජය ගැනීම අවශ්‍ය ශක්තිය ලබා දිය යුතු බව ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වූ අධ්‍යක්ෂ ෆාරිස් හාඩඩ් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් 80%කටම හේතුවන වන බෝ නොවන රෝග ඵළදායී ලෙස පාලනය කිරීම සේම දකුණු ආසියාවේ වයස්ගත ජනගහනයක් සිටින රටක් වන ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගේ වර්ධනය වන සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සඳහා මෙම මූල්‍ය පහසුකම වෙන් තිබේ.

Related posts

Sinemia may scrap subscription services

Mohamed Dilsad

களுத்துறை ரைகம,கைத்தொழில் மற்றும் தொழில்நுட்ப அபிவிருத்தி வலயம் ஒன்றை அமைக்க அமைச்சரவை அனுமதி

Mohamed Dilsad

කොම්පඤ්ඤ වීදියේ නිවසක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment