Trending Newsඑසැන පුවත්දේශීය

නීති විරෝධී ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී නාවික සෙබලෙක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) –

ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදේ නීතීවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී සිදුවූ අනතුරකින් නාවික හමුදා සෙබළෙකු මියගොස් තිබේ.

උතුරු මුහුදේ නීතීවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව විසින් මෙහෙයුමක් දියත් කරනු ලැබීය.  එහිදී ටෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගෙන ඇති අතර එම අවස්ථාවේ නාවික හමුදා සෙබළෙකු යාත්‍රා දෙකට මැදි වී සිරවී අනතුරක් සිදුව තිබේ.

අනතුරට ලක්වූ නාවික හමුදා සෙබළා ගොඩබිම වෙත රැගෙනවිත් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් තිබේ. අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් කංකසන්තුර ධීවර වරාය වෙත රැගෙන විත් වැඩිදුර විමර්ශන සඳහා ධීවර දෙපාර්තමේන්තුව වෙත බාරදී තිබේ

Related posts

Motion to suspend State funds to all Ministers, personal staff passed [UPDATE]

Mohamed Dilsad

2018 Local Government Election LIVE results coverage on UTV

Mohamed Dilsad

සීඅයිඩීය, ආචාර්යය පට්ටමක් ගැන පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි. සභා නායක කාර්යාලයෙන් ආචාර්යය පට්ටම දුන් බව අනාවරණය වෙයි.

Editor O

Leave a Comment