Trending Newsදේශීය

බදුල්ලේ පුංචි ආණ්ඩු මන්ත්‍රීවරු රැසක් සජිත් ට සහය පළ කරයි.

(UTV | කොළඹ) –

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම සහ ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ස්වාධීන මන්ත්‍රීවරුන් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා වූ නිමල් රංජිත් වීරසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වූ සමන්ත කපිල රත්නායක, හේමාවතී කුමාරිහාමි සහ භාරත රණසිංහ යනාදීන් විය. එසේ ම ඇල්ල ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වූ පී. සුරේෂ් මෙන් ම ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආර්. ඩී. ගුණපාල හා මන්ත්‍රීවරුන් වන ඩී. එම්. කරුණාදාස මෙන් ම විශ්‍රාමික සාමාන්‍යාධිකාරවයකු වූ ඩී. අයි. රත්නපාල මහතා ද වූහ.

Related posts

சிறியானிக்கு அரசாங்கம் கொடுத்த பரிசு

Mohamed Dilsad

තවත් ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනේ [UPDATE]

Mohamed Dilsad

රනිල්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා.. ඔහු ගත් තීරණ රටේ සාර්ථකත්වයට හේතුවක්.. – මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන

Editor O

Leave a Comment