Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 600 ආසියාතික වාර්තාව තරුෂි කරුණාරත්න සතුවෙයි.

(UTV | කොළඹ) –

ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 600 ආසියාතික වාර්තාව බිඳ හෙළීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂී කරුණාරත්න ස්පාඤ්ඤයේ බිල්බාවෝ නගරයේ දී පසුගියදා සමත් වූවාය.

ස්පාඤ්ඤයේ බිල්බාවෝ නගරයේ දී ක්‍රියාත්මක කෙරුණු මෙම තරගයේදී මීටර් 800 වෙනුවට මීටර් 600 තරග ඉසව්වට සහභාගී වූ ඇය රිදී පදක්කම දිනා ගත්තාය. එහිදී මිනිත්තු 01.24.84 ක තරග නිමි කාලයක් සටහන් කළ තරුෂි මිනිත්තු 01.28.06 ක් ලෙස ජපන් ක්‍රීඩිකාවක නමින් පැවති මීටර් 600 ආසියාතික වාර්තාව බිඳ දැමුවාය.

ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීමට අනුව ‘සී’ කාණ්ඩයේ (Bronze Label) තරගාවලියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී මීටර් 600 අවසන් තරගයට සහභාගී වූ ලාබාලතම ක්‍රීඩිකාව ද තරුෂී කරුණාරත්න වූවාය. මීටර් 800 වත්මන් ආසියාතික රන් පදක්කමට හිමිකම් කියන තරුෂි කරුණාරත්න මෙහි මීටර් 600 ඉසව්වේ දෙවන ස්ථානය තහවුරු කර ගැනීම උදෙසා සටහන් කළ මිනිත්තු 01.24.84 කාලය පැවති තරග වාර්තාව අභිබවා ඇතැයි සඳහන්.

Related posts

තායිලන්තය පරාජය කරමින් එංගලන්ත කාන්තා පිල ජයගනී

Mohamed Dilsad

ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන්වලට හානි සිදුව ඇති බව ඉරානය පිළිගනියි.

Editor O

කොරෝනා නිසා ඇඟලුම් ශාලාවක් තාවකාලිකව වැසේ

Mohamed Dilsad

Leave a Comment