Trending Newsඑසැන පුවත්දේශීය

අලි සංගණනයක් අගොස්තු මාසයේදී

(UTV කොළඹ)

අලි සංගණනයක්, එළඹෙන අගොස්තු මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ලබන අගෝස්තු මාසයේ 19 සහ 20 දින දෙක තුළදී සංගණනය පැවැත්වීමට සැලසුම් කර ඇත. එයට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වසර 10කට වරක් අලි සංගණනයක් සිදු කරන බවත්, මීට පෙර අලි සංගණනයක් සිදු කර තිබෙන්නේ 2011 වර්ෂයේ බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2021 වසරේ අලි සංගණනය සිදු කිරීමට නියමිතව තිබුණද රටේ පැවති අයහපත් තත්ත්වය මත එම වසරේ සිදු කළ යුතුව තිබූ සංගණනය මෙම වසරේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සංගණනය සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සහ බහුකාර්යය කාර්යය මණ්ඩලවල දායක්තවය ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

“Election is way to build democracy” – Mahinda

Mohamed Dilsad

Showers to hit most parts of Sri Lanka

Mohamed Dilsad

ஒரு தொகை வெடிப்பொருட்களுடன் இருவர் கைது

Mohamed Dilsad

Leave a Comment