Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික කෞතුකාගාරයේ, ගිනි ආරක්ෂණ කොන්ත්‍රාත්තුව දෙදෙනෙකුට දීලා රජයට කෝටි 09ක් පාඩුයි.

(UTV | කොළඹ) –

කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලය වෙනුවෙන් ගිනි ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීම අසාර්ථක කොන්ත්‍රාත්කරුවෙකුට පැවරීම හේතුවෙන් රුපියල් කෝටි 9ක පමණ පාඩුවක් සිදුව ඇති බව ජාතික විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් කළ විගණනයේ දී අනාවරණය වී තිබේ.

මෙකී පාඩුව සිදුව ඇත්තේ කොන්ත්‍රාත්කරුට පවරා තිබූ එම ඉදිකිරීම් කොන්තාත්තුව දුර්වල කාර්ය සාධනය හේතුවෙන් අවලංගු කර වෙනත් කොන්ත්‍රාත්කරුවෙකුට පැවරීම හේතුවෙන් බවත් එහි දැක්වෙනවා. ගිනි නිවන ආරක්ෂණ පද්ධතිය ඉදි කිරීම සඳහා කෝටි දහයක පමණ පිරිවැය ඇස්තමේන්තුවක් මත 2020 මාර්තු 31 දිනට වැඩ අවසන් කිරීම මත 2021 ජනවාරි 1 දින පිරිනැමූ කොන්ත්‍රාත්තුවට කෝටි හතරකට වැඩි මුදලක් ගෙවා තිබියදී කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්ය සාධනය මත එම කොන්ත්‍රාත්තුව අවලංගු කර තිබේ.

ඉතිරි වැඩ කොටස් නිම කිරීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් 18 දින වෙනත් කොන්ත්‍රාත්කරුවෙකුට කෝටි 18කට වැඩි පිරිවැය ඇස්තමේන්තුවකට මේ වසරේ වැඩ අවසන් කිරීම මත පවරා තිබූ බව විගණන වාර්තාවේ සඳහන්.  එම කාර්ය කොන්ත්‍රාත් දෙකක් මත නිම කිරීමට සිදුවීමෙන් කොටි නවයකට ආසන්න වැඩිපුර වියදමක් දරා ඇතැයි විගණන වාර්තාවේ වැඩිදුටරටක් සඳහන්.

Related posts

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

Gotabaya arrives at Colombo Magistrate’s Court

Mohamed Dilsad

හෝටල් හිමිකරුවෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment