Trending News

අධිකරණ ඇමතිට අධිකරණයෙන් වාරණ නියෝගයක්

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට පැනවූ වාරණය ලබන 28 දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසුරිය මහත්මිය අද (14) නියෝග කළාය.

දුමින්ද දිසානායක මහතා විසින් සරත් ඒකනායක, කීර්ති උඩවත්ත හා විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී වාරණ නියෝගය දීර්ග කෙරිණ. වාරණ නියෝගයට එරෙහි විත්තියේ විරෝධතා සහ උත්තර ජූලි මස 18 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරිය දැන්වූවාය.

Related posts

‘சார்க்’ மாநாட்டில் இந்தியா பங்கேற்காது

Mohamed Dilsad

மஞ்சுள குமார உயரம் பாய்தலில் இறுதிச்சுற்றுக்குத் தகுதி

Mohamed Dilsad

எட்டம்பிட்டிய காட்டுப் பகுதியில் தீப்பரவல்

Mohamed Dilsad

Leave a Comment