Trending Newsඑසැන පුවත්

ජලසම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්.

(UTV | කොළඹ) –

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පානීය ජලය හේතුවෙන් ඇතැම් පාරිභෝගිකයන්ට වමනය හා පාචනය වැනි රෝගී තත්ත්වයන් ඇති වී ඇති බවට සමාජ මාධ්‍ය තුල සංසරණය වන පුවත් අසත්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

ජල සම්පාදන මණ්ඩලය පානීය ජලය සපයනු ලබන්නේ නිසි ක්‍රමවේදයකට අනුව පිරිපහදු ක්‍රියාවලියකින් අනතුරුව තත්ත්ව පරික්ෂාවන්ට ලක් කිරීමෙන් පසුව බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ. එහිදී ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අනුමැතිය සහිත එස්.එල්.එස් 614 ප්‍රමිතියට අනුකූලව සිදු කරන බව මණ්ඩලය සඳහන් කරයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය බෙදා හැරීමේ නලවලට හානි සිදු වීමෙන් ඇතැම් විට මිතුපිට අපවිත්‍ර ජලය බෙදා හැරීමේ නල පද්ධතියට එක් වි ජලය අපවිත්‍රවීමේ ප්‍රවණතාවක් පැවතිය හැකි බවත්, එහෙත් මේ වන විට ජල සම්පාදන මණ්ඩලයේ රසඥවරුන් රසායනාගාරවලින් කරන ලද පරික්ෂනවලට අනුව එවැනි අවදානම් තත්ත්වයක් බෙදා හරින පානීය ජලයේ නොමැති බව තහවුරු වී තිබේ. පාරිභෝගික නිවස තුළ ජල ගබඩා ටැංකි නිසි පරිදි පිරිසිදු කර නොගැනීම හා ඒ පිළිබඳ පාරිභෝගකයන් නිසි ලෙස දැනුවත් නොවීම හේතුවෙන් ගැටලුකාරී තතත්වයක් උද්ගතවිය හැකි බවද මණ්ඩලය ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

Related posts

Former Malaysian Prime Minister Najib Razak questioned over 1MDB graft

Mohamed Dilsad

நாளை முதல் நாட்டில் ஏற்படப்போகும் மாற்றம்…

Mohamed Dilsad

பிரதமர் ரணில் விக்கிரமசிங்க – இந்திய முன்னாள் பிரதமர் மன்மோகன் சிங் சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment