Trending Newsදේශීය

කෘෂිකර්මය දියුණු කරද්දී රාජ්‍ය පෞද්ගලික අංශ කඹ අඳින්න එපා

(UTV | කොළඹ) –

කෘෂිකර්මාන්තය නවීකරණ කිරීම සාර්ථක කර ගැනීම  සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අයවැය මඟින් ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් වාර්ෂිකව  ප්‍රතිපාදන වෙන් කළද රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙන් වෙන් වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම ප්‍රමාද වී ඇති බව ජනාධිපතිවරයා කීය.

මෙම  වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික කෘෂි පර්යේෂණ ආයතන මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියේද සහාය ලබා ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීවෙි ජනාධිපති කාර්යාලයේදී පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

රාජ්‍ය ප්‍රතිපත්තිවලට ගැලපෙන ලෙස බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි මෙම ජාතික වැඩසටහන සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන් අතර ඊට අදාළ ව්‍යාපෘති 26 කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

 

Related posts

තවත් පිරිසක් පූර්ණ සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

20 Deaths in 5 months on railway tracks – Railway Dept.

Mohamed Dilsad

සතොස භාණ්ඩවල මිල අඩු කරයි

Mohamed Dilsad

Leave a Comment