දේශීය

මහනුවර ප්‍රධාන පාසලක රගර් කෝච් හෙරෝයින් සහ මත්පෙති සමග මාට්ටු ….

(UTV | කොළඹ) –  මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක රගර් පුහුණුකරුවෙකු ලෙස සිටි රත්නායක මුදියන්සේලාගේ ආකාෂ් නවරත්න (අවු. 22) නැමැති අයෙකු හෙරොයින් 02g ක් සහ මත්පෙති 4,100 ක් සමග මහනුවර අඹතැන්න ප්‍රදේශයේදී අලවතුගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ගුරුවරයා අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මීට මාස 06 කට පමණ පෙර මෙම පාසලට බාහිර පුහුණුකරුවෙකු ලෙස එක්ව ඇත.

මොහු යුධ හමුදා සේවා බලකායට අනුයුක්තව පනාගොඩ කදවුරේ සේවය කර මේ වන විට යුධ හමුදා සේවයෙන් පලාආ අයෙකු බවටයි වැඩිදුර විමර්ශන වලදී පොලිසිය වෙත අනාවරණය වී ඇත්තේ.

Related posts

මෙරටින් බැහැරට ගෙන ගිය වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය

Editor O

තරිඳු රත්වත්තේ ඇප මත මුදා හරී

Mohamed Dilsad

මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment