දේශීය

දැඩි ආරක්ෂාවක් යටතේ ප්‍රවාහනය වන කැරට් ගෝනි

(UTV | කොළඹ) –ආර්’ථික මධ්‍යස්ථානවලට රැගෙන යන කැරට් ගෝනි මුර කිරීම සඳහා මුදල් ගෙවා මුරකරුවන් යෙදීමට සිදුවී ඇතැයි වෙළෙන්දෝ පවසති.

මෙලෙස කැරට් ගෝනි මුර කිරීමට යොදන මුරකරුවකු සඳහා රුපියල් 1500ක මුදලක් ගෙවීමට සිදුවී ඇතැයිද දඹුල්ල ආර්’ථික මධ්‍යස්ථානයට පැමිණ සිටි වෙළෙන්ඳෙකු කීවේය.

කෙසේ නමුත් එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා ආර්ථික මධ්‍යස්ථානවලට දෛනිකව පැමිණෙන වෙළෙඳුන් ප්‍රමාණය මේ වනවිට සියයට පනහකටත් වඩා අඩු ප්‍රමාණයකට පහත වැටී ඇත.

ඇතැම් ආර්’ථික මධ්‍යස්ථානවලට ගොවීන් රැගෙන එන කැරට් ගෝනි සොරකම් කිරීමේ ජාවාරමක්ද සිදුවන බව අනාවරණය වේ.

කැරට් කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 1800ත් 2300ත් අතර තොග මිලකටය.

කැරට් කිලෝවක සිල්ලර මිල ඊයේ දිනයේදී රුපියල් 2500ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ආර්’ථික මධ්‍යස්ථාන නිලධාරීන් කියා සිටින්නේ කැරට් මිල ලබන අප්‍රේල් මාසයේ මුල් සතියේදී බොහෝ දුරට අඩුවනු ඇති බවය.

Related posts

මහ බැංකු අධිපතිගෙන් බැංකුවලට දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍ය අර්බුදයක | සාමාජික මුදල් වහාම ගෙවන්න රටවල් 193කට දැනුම් දෙයි,,

Editor O

අලුත් අවුරුදු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment