දේශීය

රෑටත් දඩ ගෙවන්න පුළුවන් | තැපැල් දෙපාර්තමේන්තුව කියයි

(UTV | කොළඹ) – දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්‍රි කාලයේදී වාහන දඩ ගෙවීමට පහසුකම් සැලසීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දැනට බස්නාහිර පළාතේ රාත්‍රි සේවා මුර ක්‍රියාත්මක තැපැල් කාර්යලවලදී දඩ ගෙවීමට පහසුකම් සලසා ඇති බවයි.

එහි සාර්ථකත්වය මත සෙසු පළාත්වලද රාත්‍රි කාලයේ මෙහෙයුම් ක්‍රියාත්මක තැපැල් කාර්යාලවල දඩ ගෙවීමට පහසුකම් සැලසීමට නියමිතව තිබේ.

ජනවාරි අවසන් විමට පෙර ඒ සඳහා පහසුකම් සලසන බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

Related posts

සියලු දිස්ත්‍රික්කවල ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය අතට

Mohamed Dilsad

ප්‍රශ්න පත්‍ර පිට කළ ගුරුවරියකගේ වැඩ තහනම්

Editor O

පාඨලී චම්පිකගේ රිය අනතුරු නඩුව කල්යයි

Mohamed Dilsad

Leave a Comment