දේශීය

රෑටත් දඩ ගෙවන්න පුළුවන් | තැපැල් දෙපාර්තමේන්තුව කියයි

(UTV | කොළඹ) – දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්‍රි කාලයේදී වාහන දඩ ගෙවීමට පහසුකම් සැලසීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දැනට බස්නාහිර පළාතේ රාත්‍රි සේවා මුර ක්‍රියාත්මක තැපැල් කාර්යලවලදී දඩ ගෙවීමට පහසුකම් සලසා ඇති බවයි.

එහි සාර්ථකත්වය මත සෙසු පළාත්වලද රාත්‍රි කාලයේ මෙහෙයුම් ක්‍රියාත්මක තැපැල් කාර්යාලවල දඩ ගෙවීමට පහසුකම් සැලසීමට නියමිතව තිබේ.

ජනවාරි අවසන් විමට පෙර ඒ සඳහා පහසුකම් සලසන බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

Related posts

බන්ධනාගාරවලට STF ආරක්ෂාව

Mohamed Dilsad

‍ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් ශ්‍රී ලංකාවට

Editor O

ශ්‍රී ලංකා – එංගලන්ත 20-20 තරඟය ඇරඹීමට වැස්ස බාධාකරයි

Editor O

Leave a Comment