දේශීය

රන් කැරට් අගය හඹා යන කැරට් අලේ මිල

(UTV | කොළඹ) – වෙළෙඳපොළේ කැරට් කිලෝග්‍රෑම් එකක මිල අද (ජන. 17) රු. 3,000කට ආසන්න වී තිබේ.

නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු චින්තක ප්‍රසාද් කරුණාරත්න සඳහන් කළේ, අද කැරට් කිලෝග්‍රෑම් එකක තොග මිල රු. 2780ක් ලෙස සටහන් වී ඇති බව ය.

එමෙන් ම, කැරට් කිලෝග්‍රෑම් එකක සිල්ලර මිල රු. 2800ක් ලෙස සටහන් වී ඇතැයි ඔහු පැවසීය.

ඊට අමතරව, බෝංචි කිලෝග්‍රෑම් එකක සිල්ලර මිල 1,400ක් ලෙස ද බීට්රූට් කිලෝග්‍රෑම් එකක මිල 1200ක් ලෙස ද ගෝවා ගෙඩි මිල රු. 1000ක් ලෙස ද අමු මිරිස් කිලෝග්‍රෑම් එකක මිල රු. 1600ක් ලෙස ද මාළු මිරිස් කිලෝග්‍රෑම් එකක මිල රු. 1200ක් ලෙස ද සටහන් වී ඇති බව ය.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අද දින කැරට් කිලෝග්‍රෑම් එකක තොග මිල රු. 1700ත් රු. 2200ත් අතර අගයක සටහන් වී ඇති ඇතැයි එහි නිලධාරියෙක් පැවසීය.

ඊට අමතවරට බෝංචි කිලෝග්‍රෑම් එකක තොග මිල රු. 800ක් ලෙස ද ගෝවා කිලෝග්‍රෑම් එකක මිල රු. 650ත් 700ත් අතර අගයක ද අමු මිරිස් කිලෝග්‍රෑම් එකක මිල රු. 850ක් ලෙස ද සටහන් වේ ඇතැයි ඔහු සඳහන් කළේ ය.

කැරට් කිලෝග්‍රෑම් එකක් ඊයේ (ජන. 16)  2100ත් 2200ත් අතර සිල්ලර මිලකට අලෙවි විය.

Related posts

අද සිට නැවතත් විදේශිකයන්ට ඉන්දියාවට ඇතුලුවීමට අවසර

Mohamed Dilsad

අධික ශබ්දයෙන් නලා නාද කරන රියදුරන්ට නීතිය දැඩිවෙයි

Mohamed Dilsad

වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක ණයවර ලිපි විවෘත කරලා – මහ බැංකු අධිපති

Editor O

Leave a Comment