දේශීය

රන් කැරට් අගය හඹා යන කැරට් අලේ මිල

(UTV | කොළඹ) – වෙළෙඳපොළේ කැරට් කිලෝග්‍රෑම් එකක මිල අද (ජන. 17) රු. 3,000කට ආසන්න වී තිබේ.

නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු චින්තක ප්‍රසාද් කරුණාරත්න සඳහන් කළේ, අද කැරට් කිලෝග්‍රෑම් එකක තොග මිල රු. 2780ක් ලෙස සටහන් වී ඇති බව ය.

එමෙන් ම, කැරට් කිලෝග්‍රෑම් එකක සිල්ලර මිල රු. 2800ක් ලෙස සටහන් වී ඇතැයි ඔහු පැවසීය.

ඊට අමතරව, බෝංචි කිලෝග්‍රෑම් එකක සිල්ලර මිල 1,400ක් ලෙස ද බීට්රූට් කිලෝග්‍රෑම් එකක මිල 1200ක් ලෙස ද ගෝවා ගෙඩි මිල රු. 1000ක් ලෙස ද අමු මිරිස් කිලෝග්‍රෑම් එකක මිල රු. 1600ක් ලෙස ද මාළු මිරිස් කිලෝග්‍රෑම් එකක මිල රු. 1200ක් ලෙස ද සටහන් වී ඇති බව ය.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අද දින කැරට් කිලෝග්‍රෑම් එකක තොග මිල රු. 1700ත් රු. 2200ත් අතර අගයක සටහන් වී ඇති ඇතැයි එහි නිලධාරියෙක් පැවසීය.

ඊට අමතවරට බෝංචි කිලෝග්‍රෑම් එකක තොග මිල රු. 800ක් ලෙස ද ගෝවා කිලෝග්‍රෑම් එකක මිල රු. 650ත් 700ත් අතර අගයක ද අමු මිරිස් කිලෝග්‍රෑම් එකක මිල රු. 850ක් ලෙස ද සටහන් වේ ඇතැයි ඔහු සඳහන් කළේ ය.

කැරට් කිලෝග්‍රෑම් එකක් ඊයේ (ජන. 16)  2100ත් 2200ත් අතර සිල්ලර මිලකට අලෙවි විය.

Related posts

සනීපාරක්ෂක නිෂ්පාදන ලබා ගැනීමේ දුෂ්කරතා සමනය කිරීමට පුණ්‍ය ආයතනයක්

Mohamed Dilsad

පරාටේ නීතිය යළි සක්‍රීය කිරීමෙන්, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් දැඩි පීඩාවට පත්වෙනවා. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ගිහාන් පිලපිටියට වරෙන්තු ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment