දේශීය

බස් ගාස්තු වෙනස් වන ලකුණු

වැට් බදු වැඩි වීමත් සමග ජනවාරි මාසය තුළ බස් ගාස්තු සංශෝධනයක් ද සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

 

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවය.

 

“ජනවාරි මාසයේ සිට බස් රථ ආනයනයේ දී සාමාන්‍ය බස්රථයක් වෙනවා එක්කෝටි පනස් හත් ලක්ෂයක්. වැට් එකේ 18% වැඩි වීමත් එක්ක සාමාන්‍යයෙන් තව ලක්ෂ 20ක්වත් වැඩිවෙනවා. ඒ ගාණට බස් එකක් ගෙනල්ලා සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කරන්න බස්හිමියන්ට හැකියාවක් නෑ. ඒ හා සමඟම අමතර කොටස් මිල, තෙල් මිල, සේවා ගාස්තු සියල්ලම වැඩිවෙනවා. බරපතළම කරුණ තමා ඉන්ධන මිල වැඩිවීම. වැට් එක ඉන්ධනවලට ආදේශ කරලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඩීසල් මිලත් වැඩිවෙනවා. අවධානම තියෙන්නේ ජනතාවට. මේ සියල්ල වැඩිවුණොත් නැවත වරක් බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ගැන ජනාධිපතිවරයා සමග සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.”

 

Related posts

හිටපු පොලිස්පති සොයා, හිටපු ඇමතිවරයෙකුගේ නිවසක් පරීක්ෂා කරයි

Editor O

තරුණයින් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

කොවිඩ් ප්‍රතිකාර සඳහා කුඩා පාසැල් යොදාගැනීමේ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment