දේශීය

හමුදාවේ කෑම ප්‍රශ්නයට විසඳුමක්

යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවීමට අදාළව රුපියල් බිලියන 16.5ක මුදලක් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ පරිපුරක ඇස්තමේන්තුවක් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

 

හමුදා සඳහා නිසි කැලරි ප්‍රමාණය සහිත ආහාර වේල් ලබාදීමට නොහැකි නම් රටක් ලෙස අසමත් බැවින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග කරමින් කාරක සභාව අදාළ අනුමැතිය ලබාදුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

රජය විසින් වියදම් කරනු ලබන මුදලට සාපේක්ෂව නිසි පෝෂණයක් සහිත ආහාර වේල් ලැබීම පිළිබඳ සොයා බලා තහවුරු කරගත යුතු බවද කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහිදී අවධාරණය කර තිබේ.

 

දිනකට කිලෝ කැලරි 3,400 ක ආහාර වේලක් හමුදා සෙබළෙක්ට ලබාදිය යුතු වුවද වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ එය අභියෝගයක් වී ඇති බව ඊට සහභාගී වූ උසස් හමුදා නිලධාරීන් ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

 

මෙම තත්ත්වය හමුදා සෙබලාගේ චිත්ත ධෛර්ය සහ ශාරීරික යෝග්‍යතාව කෙරෙහි බලපෑම් ඇති කරන බවත් 2021 වසරේ සිට මේ දක්වා 30,000කට ආසන්න සංඛ්‍යාවක් හමුදාව හැරගොස් ඇති බවටද මෙහිදී කරුණු අනාවරණය වී තිබේ.

Related posts

ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවත් කරයි

Mohamed Dilsad

නිවසේ සිටම පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස් සමරන ලෙසට අගමැතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

නාඳුනන තුවක්කුකරුවෙක් තලංගමදී ක්‍රියාත්මක වෙයි

Mohamed Dilsad

Leave a Comment