දේශීය

ගාලු කොටුවේ ටිකට් කඩන්නේ නැහැලු

ගාල්ල කොටුව නැරඹීමට එන සංචාරකයින්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ සූදානමක් තිබේද යන්න අද (06) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් කළේය.

 

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඒ බව විමසීය.

 

“මේ දවස්වල ආන්දෝලනයක් යනවා ගාල්ල කොටුවට ඇතුළු වෙනකොට සංචාරකයින්ගෙන් ටිකට් අය කරන්න යනවා කියලා. තාම නැහැ. ඉදිරියටවත් ඒ ගැන හිතන්නවත් එපා කියන්නයි මම මේ ලෑස්ති වෙන්නේ.”

 

“දිනකට විශාල සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණෙනවා ගාල්ල කොටුවට.”

 

“සංචාරකයින් වැඩි කරගන්නයි අවශ්‍ය. ටිකට් ගත්තොත් සංචාරකයෝ කොටුව ඇතුළට එන එකක් නැහැ.”

 

“ගාල්ල කොටුව අක්කර 09ක්, කිලෝමීටර් 03 පුරා ඇති ගාල්ල කොටුවට සංචාරකයෝ එන්නේ අවට සිරි නරඹන්න.”

 

ඊට පිළිතුරු දුන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා,

 

“ගාල්ල කොටුවට ඇතුළුවීමේදී ටිකට් ගන්න කිසිදු අදහසක් නැහැ. මුදල් ගන්නේ කෞතුකාගාරය සහ සුවිශේෂී ස්ථානවලට පමණයි. මොකද මේකේ නඩත්තුව කරගන්න අවශ්‍ය නිසා. මොකද කොටු පවුර නායයෑමේ අවදානමක තියෙන්නේ. ඒවා නඩත්තු කරන්න ඕනේ.”

Related posts

“එක්ස්ප්‍රස් පර්ල්” ගින්නෙන් වු පාරිසරික හානියේ ගණනය ඇරඹේ

Mohamed Dilsad

චූදිත නිලධාරීන් පොලීසියේ තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා ගම්මන්පිළ පෙත්සමක් අත්සන් කරයි.

Editor O

බුස්සෙනුත් ආසාදිතයින්

Mohamed Dilsad

Leave a Comment