දේශීය

රාජ්‍ය නොවන සංවිධානයක මුවාවෙන් තවත් මහා පරිමාණ මුදල් වංචාවක්

‍ජනතාවට ත්‍යාග හෝ ණය මුදල් ලබාදෙන බව පවසමින් මුදල් එක්රැස් කිරීමේ ජාවාරම් විවිධ පුද්ගලයින් විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව පොලීසිය පවසයි.

 

ඇතිමලේ සහ සියඹලාන්ඩුව ප්‍රදේශවල එවැනි ජාවාරමක නිරත වූ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

 

රාජ්‍ය නොවන ආයතනයක නියෝජිතයින් ලෙස පෙනී සිටිමින් ප්‍රදේශවාසීන්ට ස්වයං රැකියා සඳහා මුල්‍යාධාර හා දරුවන්ට පාසල් උපකරණ ලබාදීමට එම ආයතනයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා රුපියල් 600 බැගින් මුදල් එක්රැස් කිරීමේ නිරත වී ඇත.

 

මෙලෙස එකතු කරන ලද රුපියල් 26,000ක මුදලක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරිය 4 වනදා එලෙස රුපියල් 136,000ක මුදලක් එකතු කර එම මුදල් සමූපකාර බැංකුවක තැන්පත් කර ඇතැයි අනාවරණය වුණි.

 

අත්අඩංගුවට ගත් සැකකාරිය 28 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකාරියකි.

 

මේ අතර ඊයේ (05) දිනයේ දී මෙලෙසම මුදල් එක්රැස් කිරීමේ නිරත වූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

 

ඔවුන් සතුව තිබී රුපියල් 70,300ක සොයාගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 46ක් වන මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සැකකාරිය අවුරුදු 32ක් වූ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

 

මෙම සැකකාරියන් දෙදෙනා සහ සැකකරු දිවයිනේ වෙනත් ප්‍රදේශවල මෙවැනි වංචාවන් සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර මෙම වංචනික පුද්ගලයින්ට හසු නොවන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම්දෙයි

Related posts

ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 – යුපුන්ට 05 වැනි තැන

Mohamed Dilsad

සති අන්තයේ ඇඳිරි නීතිය ගැන පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

කොරෝනා ආසදිතයන් සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment