දේශීය

දුම්රිය මාර්ගයේ ගමන් කළ විදේශිකයෙක් දුම්රියේ ගැටී මරුට

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත ප්‍රදේශයේදී දුම්රියේ ගැටී විදේශිකයෙකු මියගොස් තිබේ.

 

සිය බිරිඳ සමග මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දෙහිවල සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය.

 

අනතුරින් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇත.

 

මියගොස් ඇත්තේ 57 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙක් බව පොලීසිය පවසයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට කොරෝනා

Mohamed Dilsad

උත්සව තියලා මරණ සහතික නිකුත් කරන තරමට, ආණ්ඩුව පිරිහිලා

Editor O

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment