දේශීය

බස් අනතුරක්

මාතර සිට කොළඹ බලා ධාවනයවූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් රත්මලාන ගොළුමඩම හන්දියේදී අනතුරකට ලක්වී තිබේ.

 

සිද්ධියෙන් තුවාල ලැබූ බස් රථයේ කොන්දොස්තරවරයා රෝහල්ගත කර ඇත.

 

බස් රථයේ තිරිංග අක්‍රීයවීමෙන් අනතුර සිදුවී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

 

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මංතීරු දෙක වෙන්කෙරෙන දූපත් කොටසේ ඇති මැද යකඩ වැට කඩාගෙන ගොස් නතරවී ඇත.

 

එහිදී යකඩ ආවරණ කොටස් 08ක් කඩාගෙන බස් රථය ඉදිරියට ධාවනයවී තිබේ.

 

අනතුරත් සමග මංතීරු දෙකේම රථවාහන තදබදයක් හටගෙන තිබූ බවද පොලීසිය පැවසීය.

 

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය පවසයි.

Related posts

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 04ක් ඉල්ලා අස්වීමේ සූදානමක්….?

Editor O

නව වැඩබලන අගවිනිසුරුවරයකු පත් කෙරේ

Mohamed Dilsad

කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ගාල්ලටත්

Mohamed Dilsad

Leave a Comment