දේශීය

තරුණයින් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

නීතිවිරෝධීව විදෙස්ගතවීමට උත්සාහ කළ තරුණයින් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

තැරැව්කරුවෙකු විසින් කූඨ ලෙස සකස් කරදුන් වීසා බලපත්‍ර භාවිත කරමින් ඔස්ට්‍රියාවට යාමට උත්සහ කළ අදාළ තරුණයින් දෙදෙනා ගුවන්තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

 

ඔවුන් තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ 731 දරණ ගුවන් යානයෙන් පිටත්ව යාමට පැමිණ තිබු බව සඳහන්ය.

 

සැකකාර තරුණයින් දෙදෙනා 25 හැවිරිදි සහ 27 හැවිරිදි කිලිනොච්චිය සහ මුල්ලිවයික්කාල් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර බොරැල්ල ප්‍රදේශයේ තැරැව්කරුවෙකු විසින් ඔවුන්ට අදාළ ලිපිලේඛන සකස් කරදී ඇති බව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

Related posts

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද අගමැති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

රතන හිමියෝ නතර වෙති

Editor O

නව කොරෝන ආසාදිතයින් 326ක්

Mohamed Dilsad

Leave a Comment