දේශීය

තරුණයින් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

නීතිවිරෝධීව විදෙස්ගතවීමට උත්සාහ කළ තරුණයින් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

තැරැව්කරුවෙකු විසින් කූඨ ලෙස සකස් කරදුන් වීසා බලපත්‍ර භාවිත කරමින් ඔස්ට්‍රියාවට යාමට උත්සහ කළ අදාළ තරුණයින් දෙදෙනා ගුවන්තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

 

ඔවුන් තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ 731 දරණ ගුවන් යානයෙන් පිටත්ව යාමට පැමිණ තිබු බව සඳහන්ය.

 

සැකකාර තරුණයින් දෙදෙනා 25 හැවිරිදි සහ 27 හැවිරිදි කිලිනොච්චිය සහ මුල්ලිවයික්කාල් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර බොරැල්ල ප්‍රදේශයේ තැරැව්කරුවෙකු විසින් ඔවුන්ට අදාළ ලිපිලේඛන සකස් කරදී ඇති බව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

Related posts

රාජ්‍ය සේවක විශ්‍රාම වයස 60ට සීමා කිරීමේ චක්‍රලේඛය අද

Mohamed Dilsad

අරුණ ජයසේකර ට සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ගෙන් චෝදනාවක්…?

Editor O

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment