දේශීය

රිය අනතුරකින් තරුණියක් මරුට – මව පියා සහ සහෝදරිය රෝහලේ

මව, පියා සහ දියණියන් දෙදෙනෙක් ගමන්ගත් ත්‍රීරෝද රථ යක් අනතුරකට ලක්වීමෙන් එක් දියණියක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

 

ගලේවෙල නගර මධ්‍යයේදී ඊයේ (23) දහවල් එම ත්‍රීරෝද රථය තාර ප්‍රවාහනය කරමින් තිබූ රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇත.

 

අනතුරෙන් තුවාල ලැබූ මව, පියා සහ අනෙක් දියණිය ප්‍රතිකාර සඳහා දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට ඇතුළත් කර තිබේ.

 

දෙහිඅත්තකණ්ඩිය සිරිපුර ප්‍රදේශයේ සිට කුරුණෑගල ප්‍රදේශයේ විවාහ මංගල්‍යයකට සහභාගිවීම සඳහා යමින් සිටියදී ඔවුන් එම අනතුරට මුහුණදී ඇත.

 

අනතුරෙන් මියගොස් ඇත්තේ සිරිපුර ප්‍රදේශයේ පදිංචි එස්. එච්. ලෝචනා කාව්‍යංජලි නම් 19 හැවිරිදි තරුණියකි. ඇයගේ 20 වන උපන් දිනය ද හෙට ට (25) යෙදී ඇති බව ඥාතීන් පවසයි.

 

කුරුණෑගල දෙසට ත්‍රීරෝද රථය ගමන් කරමින් තිබියදී ගලේවෙල නගරයයේ ප්‍රධාන මාර්ගය අසල කැබ් රථයක් නවතා තිබී ඇත.

 

එය ඉස්සර කිරීමට යෑමේදී පිටුපසින් පැමිණි තාර ප්‍රවාහනය කරන රථය ත්‍රීරෝද රථයේ ගැටී අනතුර සිදුවී තිබුණි.

 

අනතුරු සිදුවීමත් සමග ත්‍රිරෝද රථය තුළ සිටි තරුණිය විසිවී තාර ප්‍රවාහනය කරන රථයට යටවී ඇත.

 

අනතුර සම්බන්ධයෙන් මාර්ගයේ නවතා තිබූ කැබ් රථයේ රියදුරු සහ තාර පිරවූ රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මියගිය තරුණිය චිත්‍ර ශිල්පිනියක් ලෙස කටයුතු කර ඇති බවද වාර්තා වෙයි

Related posts

සමස්ත ලංකා තරුණ මුස්ලිම් සමුළුව සංවිධානය කළ ලේ දැන් දීමේ කඳවුර සාර්ථකව අවසන්[PHOTO]

Mohamed Dilsad

ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 41 ස්වාධීන වෙයි

Mohamed Dilsad

Leave a Comment