දේශීය

පාඨලී ට එරෙහි නඩු විභාගය අත්හිටුවන්නැයි නියෝගයක්

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා බරපතළ අනතුරක් සිදුකිරීමේ චෝදනා ලබාසිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

 

මෙම අතුරු තහනම් මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් අධිකරණ නියෝගයේ සඳහන් වෙයි.

 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

 

පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අධිකරණය මෙම නියෝග නිකුත් කළේය.

 

Related posts

රටවල් කිහිපයකින් මෙරටට එන ගුවන් ගමන් අත්හිටුවයි

Mohamed Dilsad

විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්

Mohamed Dilsad

අද දිනයේදී මේ දක්වා හඳුනාගත් ආසාදිතයන් දෙදෙනාම නාවිකයන් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment