දේශීය

ශ්‍රී ලංකාව ගැන ICC තීරණය ලැබෙන්නේ මෙහෙමයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම පිළිබඳව අද තීරණයක් ගැනීමට නියමිතව ඇත.

 

ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී මෙම තීරණය ගැනීමට නියමිතව තිබේ.

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම රැස්වීමේදී මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ඉවත් කරන්නේ නම් ඒ සඳහා පනවනු ලබන කොන්දේසි පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

 

එසේම එළඹෙන වසරේ පැවැත්වීමට නියමිතව ඇති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැනද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

 

මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරමින් නිරීක්ෂණ මට්ටමේ නියෝජිතයෙකු වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාද සහභාගී වීමට නියමිතය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙතින් ක්‍රිකට් තහනමක් පනවා තිබීම හේතුවෙන් මෙරට ක්‍රිකට් සභාපතිවරයාට ක්‍රියාකාරී මට්ටමකින් මෙම රැස්වීම සඳහා සහභාගී වීමට නොහැකි වී ඇත.

Related posts

කටුනායකට පැමිණි ගුවන් යානා 04ක් ආපසු හරවා යවයි.

Editor O

හෙරොයින් ළඟ තබාගෙන සිටි සාමදාන විනිසුරුවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

දේශීය කිරිපිටි මිලත් ඉහළ දැමීමට සූදානම්

Mohamed Dilsad

Leave a Comment