දේශීය

ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක් ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – හෙට (21) පෙ.ව. 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කහහේන, හංවැල්ල, ජල්තර – රණාල, කඩුවෙල, මාපිටිගම සහ දොම්පෙ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇත.

ලබුගම ජල පවිත්‍රාගාරයේ භූගත ජල ටැංකිය පිරිසිදු කිරීමේ කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

Related posts

ජාඇළ, දඬුගම නීතිවිරෝධි මහා පරිමාණ ඉඩම් ගොඩකිරීම් ජනපති නියමයෙන් වහාම නවතා දැමීමට පියවර

Mohamed Dilsad

මුස්ලිම් විවාහ නීතිය ගැන ස්ථාවරය ඡන්දෙට කලින් කියන්නැයි ජනපතිට සංදේශයක්

Editor O

මුඛ ආවරණ පැළඳීම තවමත් අනිවාර්යයි

Mohamed Dilsad

Leave a Comment