ගොසිප්

මැතිසබයේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ 60යි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ 60කට ආසන්න බව අද හෙළිවිය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර පාර්ලිමේන්තුවේ පැවැති ප්‍රශ්න හා පිළිතුරු ලබාදීමේ අවස්ථාවකදී මෙම කරුණ අණාවරණය විය.

මෙහිදි මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව් මාසික විදුලි බිල ලක්ෂ 60ක් වන බවත් ඒ අනුව එය අවම කර ගැනීම වෙනුවෙන් සූර්ය ‌කෝෂ මගින් විදුලිය ලබා ගැනීමේ ක්‍රමයක් සකස් කරන ලෙසයි.

එයට පිළිතුරු ‌‌දෙමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ විදුලි බිල සඳහා රුපියල් ලක්ෂ 60ක් ගෙවනවා වෙනුවට ඒ සඳහා ගෙවීමේ ක්‍රමයට හෝ සූර්ය විදුලි පද්ධතියක් ස්ථාපිත කිරීම වැදගත් බවයි.

කෙ‌සේ වෙතත් ඒ සඳහා තම අමාත්‍යාංශයට මුදල් ලබාදිය නොහැකි බවත් තාක්ෂණික සහාය අවශ්‍ය නම් ලබාදිය හැකි බවයි.

Related posts

හලාවත කඩොලාන ආශ්‍රිතව පරිසර සංහාරයක්

Mohamed Dilsad

‘ජයත් නැති සුන්දරත් නැති’ පී බී – විමල්ගෙන් ප්‍රහාරයක්

Mohamed Dilsad

ප්‍රභූ ආරක්ෂකයින් 44 කටම කොරෝනා

Mohamed Dilsad

Leave a Comment