දේශීය

දුම්රිව වැඩ වර්ජනය මැද කාර්යාල දුම්රිය 15 ක් ධාවනයේ [UPDATE]

(UTV | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුර පීරිස් මහතා සඳහන් කළේ දුම්රිය ධාවනයේ දී සිදුවන මෙහෙයුම් වැරදි සඳහා දුම්රිය සේවකයින්ගෙන් අලාභයක් අයකර ගැනීමට රජය ගෙනඇති තීරණය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවය.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය 15 ක් හැරුණු විට සියලුම දුම්රිය ගමන් අද (18) අවලංගු කර ඇත.

මේ අතර , වෘත්ති සමිති හා ඇමති අතර සාකච්ඡාවක් පෙරවරුවේ පැවැත්වීමට ද නියමිත බව වාර්තා වෙයි.

 

Related posts

රාජාංගනයේ තැපැල් ඡන්දය කල්යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොලීසීයේ යූටියුබ් නාලිකාවට ප්‍රහාරයක්

Editor O

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment