දේශීය

විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

යෝජිත විදුලි බල ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළේ ඊයේ පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය අදාළ පනත්කෙටුම්පතට අනුමැතිය ලබාදුන් බවය.

 

ඒ අනුව නව පනත් කෙටුම්පත ගැසට් කර අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් අනතුරුව නව විදුලි බල පනත මගින් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීම, කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ.

 

නව පනත මගින් විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන කටයුතුවලට පුද්ගලික අංශයේ සහභාගීත්වය ලබා ගැනීමට ද හැකියාව හිමිව ඇත.

Related posts

ව්‍යවස්ථාදායක සභාව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

සහල් සඳහා උපරීම සිල්ලර මිල ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරයි.

Editor O

තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව අසත්‍ය ප්‍රචාර කරන අය පිළිබඳව පරීක්‍ෂණයක් කරන්නැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගෙන් පැමිණිල්ලක්

Editor O

Leave a Comment