දේශීය

යල කන්නයේ වගා හානි වන්දි අද සිට ගොවියන්ට

යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389ක් අද (19) සිට ගොවීන් අතර බෙදා දීමට රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, එම වැඩපිළිවෙළ යටතේ ගොවීන් 250 දෙනෙකුට වන්දි පිරිනැමීම මහින්ද අමරවීර අමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බවය.

 

පසුගිය යල කන්නයේ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත්වූ අතර, ඉන්පසු ඇති වූ අධික වර්ෂාව නිසා අස්වැන්න නෙළීමට ආසන්න ව තිබූ කුඹුරු අක්කර 11,000ක් විනාශයට පත් වූ බවට හානි තක්සේරු කර ඇත.

 

මේ හේතුවෙන් වගා හානි වන්දි කඩිනමින් මෙම වසර අවසාන වීමට ප්‍රථම ලබාදීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී තිබිණි.

 

සාමාන්‍යයෙන් වගා කන්නයක දී සිදු වන වගා හානි සඳහා වන්දි ගෙවීමට වසරක කාලයක් ගත වූවත් මෙවර නියඟය නිසා සිදු වූ වගා හානි සුවිශේෂී අවස්ථාවක් සේ සලකා ලබා දිය යුතු යැයි අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

Related posts

අද රාත්‍රියේ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

වේගයෙන් යෑම අනිවාර්යයි! | අධිවේගයට නීතියක්..

Mohamed Dilsad

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

Leave a Comment