දේශීය

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වැසේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය මේ මස 27 හා 28 දෙදින තුළ වසා දැමීමට තීරණය කර තිබේ.   

එහි සේවකයකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීම හේතුවෙන් එම පියවර ගෙන ඇත.

ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය එලෙස තාවකාලිකව වසාදමා තිබේ.

කෙසේවෙතත් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ පළමු හා අවසන් අනුමැති අංශය සහ කොරියානු රැකියා අංශය සිමිත කාර්ය මණ්ඩයක් මගින් පවත්වාගෙන යන අතර තලාහේන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වසා නොතැබෙන අතර සාමාන්‍ය සේවා එම කාර්යාල මගින් පෙර පරිදි කෙරේ.

එමෙන්ම කාර්යාංශයේ ගුවන් තොටුපොළ ශඛාව ද සේවා සඳහා ක්‍රියාත්මක බැවින් විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීම එහිදි ද සිදුකර ගත හැකිය.

පැය 24 පුරා ක්‍රි‍යාත්මක ක්ෂණික දුරකථන අංක 1989 මගින් සේවා ලබාගැනීමට අවශ්‍ය වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

Related posts

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

Editor O

බිළිඳිය පරිවාස භාරයට – පහරදුන් මවගේ මානසික වාර්තාවක් අධිකරණයට

Mohamed Dilsad

දිට්වා ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කිරීමේ විපක්ෂයේ යෝජනාව මැතිසබයට

Editor O

Leave a Comment