විදෙස්

ඉන්දියාවේ කොවිඩ් අර්බුදයට ඇමරිකාවේ සහාය

(UTV | ඉන්දියාව) – කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ඉන්දියාව මුහුණ පා ඇති අර්බුදයට එරෙහිව සටන් කිරීමට සහාය වන බව ඇමරිකාව පවසයි.   

පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් සැපයීමට කටයුතු කරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ සිය රට පීඩාවට පත්වූ අවස්ථාවේ දී ඉන්දියාව දැක්වු සහායට ප්‍රතිඋපකාර වශයෙන් එරටට සහායවීමට කටයුතු කරන බවද ඔහු සිය ට්විටර් පණිවිඩයේ සටහන් කර තිබේ.

Related posts

Google බිඳ වැටෙයි

Mohamed Dilsad

ඊශ්‍රායලය එකඟ වෙයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා වෛරසයට ගොඳුරු වූ සංඛ්‍යාව නව ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment