දේශීය

ජන්ම දිනය දා මුරුත්තෙට්ටුවේ හිමි මහින්දට කියු දේ

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සමගාමීව අභයාරාමයේදී අද (18) උදෑසන කිරිඅම්මාවරුන්ගේ දානමය පින්කමක් පැවැත්වුණි.

 

ඒ අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙනි.

 

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

 

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,

 

“මම මේ පිංකම කරන්නේ රට බේරාගත් නායකයා වෙනුවෙන් යුතුකමක් වශයෙන්. නමුත් ඔබතුමාට පේනවා ඇති අද මෙතන තත්ත්වය එදා මෙතන අපිට ඉන්නවත් ඉඩ නෑ. ඒ තරම් ඇමති මැතිවරු. අද බලන්න තත්ත්වය කොච්චර වෙනස් වෙලාද කියලා. බලය තියෙනදාට ඕන තරම් අය ඉන්නවා. බලය නැතිදාට කිසිකෙනෙක් නැහැ. ඔබතුමාට මේවා හොඳ පාඩම්”

Related posts

මෙරට ණය ප්‍රතිකර්ම වැඩසටහන වේගවත්ව සිදුවෙයි

Mohamed Dilsad

රනිල්ගේ ආණ්ඩුව ගත් විදෙස් ණය සහනය රටට අහිමි වීමේ අවධානමක්

Editor O

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

Leave a Comment