දේශීය

අහිමිවූ බදු ආදායම් අය කරගැනීමට උපදෙස්

බදු ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

 

සීනි සහ තිරිගු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන හේතුවෙන් බදු ආදායම් අහිමිවීම පිළිබඳ අවධානය යොමුකර ඒවා යළි අය කරගැනීමට ඇති හැකියාව පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස මෙලෙස උපදෙස් ලබාදී ඇත.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව රැස්වී ඇති අතර ඊට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා තිබුණි.

 

2020 වසරේදී සීනි සඳහා වන වි‍ශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් සමාගම් රුපියල් බිලියන 16කට ආසන්න අනීතික ලාභයක් ලබා ඇති බව විගණන වාර්තාවක් මගින් පෙන්වා දී ඇති බැවින් ඔවුන්ගෙන් නිසි බදු අය කරගැනීමට කටයුතු කරන ලෙස එහිදී උපදෙස් ලබාදී තිබේ.

 

සීනි බදු වැඩි කිරීමට පෙර අසාමාන්‍ය ලෙස සීනි ටොන් 8,500ක් පමණ ආනයනය කර ඇති බවටත් ඉන් පසු සීනි බදු රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවටත් කාරක සභා සභාපතිවරයා මෙහිදි කරුණු අනාවරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

 

ඒ අනුව ඊට අදාළ දත්ත මුදල් අමාත්‍යාංශයෙන් ලබාගෙන මෙම සමාගම් විසින් ලබාගෙන ඇති අයථා ලාභය නිසි පරිදි තක්සේරු කර නිසි බදු අය කරගන්නා ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.

 

මේ අතර කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ මෙරට අයබදු ක්‍රමවේදයේ පවතින දුර්වලතා හේතුවෙන් එය සමාජය ඉදිරියේ හාස්‍යයට ලක්වී ඇති බවය.

Related posts

‌කොළඹ කොටුවේ ගොඩනැගිල්ලකට රතු නිවේදනයක්

Editor O

සුළු පරිමාණ නිෂ්පාදකයින්ට සුබ පණිවුඩයක්

Mohamed Dilsad

වෛද්‍ය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Editor O

Leave a Comment