දේශීය

පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලින් මුදල් කොල්ලකෑ සැකකරුවන් රිමාන්ඩ්

පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම් වෙත ජනතාව පරිත්‍යාග කරන මුදල් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු බවට මේ වනවිට හඳුනාගෙන ඇති පුද්ගලයා සහ සැකකාරියන් දෙදෙනෙකු මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

 

කොළඹ මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් අද (07) එම නියෝගය නිකුත් කර ඇත.

 

සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරියන් දෙදෙනා ජාඇල ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙකි.

 

හලාවත ප්‍රදේශයේ පදිංචි පිළිකා රෝගියෙකුට කාන්තාවක් විසින් ඇමතුමක් ලබාදී ඔහුගේ තොරතුරු ලබාගෙන මෙම වංචාව සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.

 

ඒ අනුව අදාළ ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 78ක මුදලින් රුපියල් ලක්ෂ 38ක මුදලක් සැකකරුවන් වංචාකර තිබුණි.

 

එම මුදල්වලින් සැකකරුවන් වටිනා ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ මිලදීගෙන ඇත.

 

මෙම ජාවාරමට සම්බන්ධ තවත් කාන්තාවක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

 

ජාවාරම්කරුවන් විසින් රුපියල් ලක්ෂ 250කට ආසන්න මුදලක් වංචා කළ බවට පැවසෙන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

 

Related posts

මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

Mohamed Dilsad

කොළඹ ළමා රෝහලත් කොවිඩ් අවධානමේ

Mohamed Dilsad

මෙරට වායු දුෂණයත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment