දේශීය

පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

නාරම්මල පොලිස් වසමේ මැටියගනේ මහවැවේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.

 

මියගොස් ඇත්තේ, මාරවිට, දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

ඊයේ (02) උදෑසන පාසල් සිසුන් 03 දෙනෙකු මැටියගනේ මහවැවේ දිය නෑමට ගොස් ඇති අතර, ඉන් එක් සිසුවෙකු දියේ ගිලී අතුරුදන් වී ඇත.

 

පසු ව සිසුන් සහ ප්‍රදේශවාසීන් එක් ව දියේ ගිලී ඇතුරුදන් වූ සිසුවා සොයා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් සිසුවා මියගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇති බව පොලීසිය පැවසීය.

 

සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් 948ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානයේ සභාපතීත්වය විමල්ට

Mohamed Dilsad

බිලියන 325ක වී ගන්න, බිලියන පහක් දීලා අපට මාෆියාව කියනවා.. මොන මෝඩ කතාද මේ..- ඩඩ්ලි සිරිසේන

Editor O

Leave a Comment