දේශීය

රිය අනතුරු 05කින් පුද්ගලයන් 05 දෙනෙකු මරුට

ප්‍රදේශ 05ක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

 

පොලීසිය සඳහන් කළේ වීරඹුගෙදර, වාරියපොළ, අච්චුවේලි, ගම්පහ සහ වැලිමඩ යන ප්‍රදේශවල එම අනතුරු සිදුව ඇති බවයි.

 

වීරඹුගෙදර කිරලබොක්ක ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, පසුපැදිකරු මියගොස් ඇත.

 

මේ අතර, වාරියපොළ නගරයේ දී බස් රථයක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ 69 හැවිරිදි යතුරුපැදිකරු වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

අච්චුවේලි ප්‍රදේශයේදී ද යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ 21 හැවිරිදි යතුරුපැදිකරු අච්චුවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

 

මේ අතර, ගම්පහ මාබිම ප්‍රදේශයේ දී යතුරුපැදියක් මාර්ගයේ ගමන් කළ පදිකයෙකුගේ ගැටී සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ පදිකයා සහ යතුරුපැදිකරු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේදී පදිකයා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

මේ අතර වැලිමඩ දඹුලන්කදුර ප්‍රදේශයේ දී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

 

අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ තවත් දෙදෙනෙකු ඌව පරණගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රියදුරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Related posts

තවත් නාවිකයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

වැඩි ලකුණු රැස් කිරීමේ බලාපොරොත්තුවෙන්, ලංකා ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ අවසන් අදියරේ තරඟ කොළඹ දී

Editor O

Leave a Comment