ක්‍රීඩා

සුපිරි ක්‍රිකට් තරුව ක්‍රිකට්වලින් ඉවත්වෙයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩැරන් බ්‍රාවෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලිකව ඉවත්වීමට තීරණය කර තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කළ කොදෙව් සංචිතයට ඇතුළත් නොකිරීමත් සමග ඔහු මෙම තීරණය ගෙන ඇති බවය.

 

කෙසේවෙතත් ඩැරන් බ්‍රාවෝ ප්‍රකාශ කර ඇත්තේ කණ්ඩායම සමග යළි එක්වීමේ බලාපොරොත්තු අත්හැර නොමැති බවය.

 

34 හැවිරිදි ඩැරන් බ්‍රාවෝ 2022 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව කොදෙව් කණ්ඩායම නියෝජනය කර නොමැත.

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ලබන මාසයේ දී පැවැත්වීමට නියමිතය.

Related posts

අහ්මඩ් ඛාන්ට වසර 5 ක ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

පළමු සිංහ කැන්ගරු සටනේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

නුවන් කුලසේකරගේ සමුගැනීම ගැන මුරලි කිව්වා කතාව

Mohamed Dilsad

Leave a Comment