ක්‍රීඩා

පළමු සිංහ කැන්ගරු සටනේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(UTV |  සිඩ්නි) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක තීරණය කළේ, පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දීමට ලබා දීමට යි.

මේ තරගය පැවැත්වෙන්නේ, සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

අද සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 18 වැනි පන්දුවාර විස්ස තරගය යි.

මේ දක්වා පැවැති තරගවල දී ජයග්‍රහණ 9ක් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සතු කරගෙන ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇති තරග සංඛ්‍යාව 8ක්.

Related posts

ශ්‍රී ලංකාව – ස්කොට්ලන්තය අතර එක්දින තරගාවලියක්

Mohamed Dilsad

දිමුත් කරුණාරත්න ඇප මත නිදහස්

Mohamed Dilsad

ෂහීඩ් අෆ්රිඩි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට

Mohamed Dilsad

Leave a Comment