දේශීය

බන්ධනාගාරයේ CCTVවලට හානිකළ සිද්ධිය ගැන අලුත් ආරංචියක්

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ CCTV කැමරා කිහිපයකට රැඳවියෙකු විසින් හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 

වැඩිදුරටත් වාර්තා වන්නේ බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරු‍වෙකු ඊයේ උදෑසන ව්‍යායාම කටයුතු සඳහා යොදවා සිටි අවස්ථාවක මෙලෙස CCTV කැමරා කිහිපයකට හානි සිදු කර ඇති බවය.

 

සිද්ධිය සම්බන්ධයෙන් සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු යටතේ විමර්ෂණයක් ආරම්භ කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති අතර පොදු දේපොළවල හානිකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා රත්ගම පොලිස් ස්ථානය දැනුවත් කිරීමට ද නියමිත බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කළේය.

 

මෙම රැඳවියා මීට පෙර ද කළහකාරී ලෙස හැසීරීම හේතුවෙන් විවිධ බන්ධනාගාරයන් තුළ රඳවා ඇති අතර පොදු දේපොළවලට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් ද පවතින බව සඳහන්.

 

විමර්ෂණයෙන් අනතුරුව සිදුවීම පාලනය කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් එම අංශයේ රාජකාරියේ යොදවා සිටි නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද බන්ධනාගාර මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පොසොන් දින වන්දනාවේ යන්න හෙට සිට විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාව හිමි සමාගමෙන් යහපත් ප්‍රතිචාරයක්

Mohamed Dilsad

නව කොවිඩ් ආසාදිතයින් 316ක්

Mohamed Dilsad

Leave a Comment