Trending News

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ ඌව පළාත්වල පස්වරු 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

සබරගමුව සහ ඌව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

 

නැගෙනහිර පළාතතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් රාත්‍රී කාලයේ සිට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇත.

 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු – මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වාර්තා වේ.

 

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

மஹா சிவராத்திரி விரதம் இன்று அனுஷ்டிப்பு

Mohamed Dilsad

ඉදිරි ජනාධිපතිවරණයේදී වැඩිම ජනප්‍රසාදයක් හිමිවන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට යි – එස්.එම් මරික්කාර (පා.ම)

Editor O

“A combined programme should be implemented swiftly to eliminate brutal ragging” – President

Mohamed Dilsad

Leave a Comment