Trending News

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ ඌව පළාත්වල පස්වරු 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

සබරගමුව සහ ඌව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

 

නැගෙනහිර පළාතතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් රාත්‍රී කාලයේ සිට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇත.

 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු – මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වාර්තා වේ.

 

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

தெற்காசிய போட்டிகளில் சாதித்த இலங்கைக் குழாம் தாயகம் திரும்பியது

Mohamed Dilsad

Traffic plan for 69th Independence Day celebrations – [Images]

Mohamed Dilsad

பாதிக்கப்பட்டுள்ள மக்களை மீட்பதற்காக முப்படையினர் தயார் நிலையில்

Mohamed Dilsad

Leave a Comment