දේශීය

එන්නත් කුප්පි ජාවාරමක් ගැන තවත් හෙළිදරව්වක්

ඉමියුනෝග්ලොබියුලින් එන්නත් කුප්පි නිෂ්පාදනය කිරීම සඳහා රැධිරය ලබාගෙන ඇත්තේ ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බවට තොරතුරු අනාවරණය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

 

එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, අදාළ රුධිරය ලබාගෙන ඇත්තේ අධ්‍යයන පර්යේෂණයක් සිදුකිරීමට අවශ්‍ය බවට ලබාගත් අනුමැතියකින් බවය.

 

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රවී කුමුදේශ් මහතා එම අදහස් පළකළේය.

 

මේ අතර ‍ඉමියුනෝග්ලොබියුලින් එන්නත් කුප්පි නිෂ්පාදනයේ දී සිදුව ඇති වංචාව පිළිබඳව සිදුවන පරීක්ෂණ ප්‍රමාද වීම ගැටලු සහගත බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව මහතා සඳහන් කළේය.

 

පසුගිය කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිදුව ඇති වංචා දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාට තම සහයෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන්කළේය.

 

Related posts

කෝප් කමිටුවෙන් රක්ෂණ සංස්ථාවට නිර්දේශ රැසක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස තවදුරටත් ඉහළට

Mohamed Dilsad

ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණයක් නැහැ

Mohamed Dilsad

Leave a Comment