ක්‍රීඩා

ශ්‍රී ලංකා – ඇෆ්ගන් තරගය අද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (30) පැවැත්වීමට නියමිතව තිබේ.

 

තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට පුනේ හිදී ආරම්භ වීමට නියමිතය.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇති අතර ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද හිමිවුණි.

 

ඒ අනුව දුෂ්මන්ත චමීර අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය.

 

මේ අතර කුසල් ජනිත් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න අද තරගයේ ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බවද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන්කළේය.

 

Related posts

කුසල් මෙන්ඩිස්ගේ දැවීයාම ගැන ආන්දෝලනාත්මක ඡායාරූපයක්

Editor O

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් ටෙස්ට් තරඟය අද

Mohamed Dilsad

ජැෆ්නා කිංග්ස් ට ලකුණු 21ක ජයක්

Mohamed Dilsad

Leave a Comment