ක්‍රීඩාදේශීය

කණ්ඩායම පැමිණෙයි

2023 ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් ඉවතට විසිවුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම 05.05 ට දිවයිනට පැමිණ තිබේ.

 

ඒ, ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 174 දරන ගුවන් යානයෙනි.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිහිප දෙනෙකු ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ තිබුණි.

 

අප වාර්තාකරු සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන් ඇතුළු නිලධාරීන් සියලුම දෙනා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බවය.

 

කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් ඔවුන්ට පිටව යාම සඳහා පොදු බස් රථයක් සූදානම් කර තිබුණ ද බොහෝ ක්‍රීඩකයින් තම පෞද්ගලික මෝටර්රථවලින් සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර මොවුන් වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබුණි.

 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල නිසා මෙම ඛේදනීය පරාජය අත්වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අද පැවසීය.

 

මේ පිළිබඳ සියලු තොරතුරු තවත් දින 02කින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැනගැනීමට සලස්වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ඇමති කෙහෙළිය අත්අඩංගුවට

Mohamed Dilsad

නව ජල සබඳතා පළමු වාරිකය රුපියල් 2500 දක්වා අඩු වෙයි

Mohamed Dilsad

බේකරි හිමියන් මුදල් ඇමති බැසිල් හමුවන්න සූදානම්

Mohamed Dilsad

Leave a Comment