දේශීය

ගෙල සිරකර කාන්තාවක්ව ඝාතනය කෙරේ

දිවුලපැලැස්ස පොලිස් වසමේ රොටලවෙල ප්‍රදේශයේ දී කාන්තාවක්ව ගෙල සිරකර ඝාතනය කර තිබේ.

 

පොලීසිය පැවසුවේ පසුගිය 7 වනදා එම කාන්තාව අසනීප තත්ත්වයෙන් රෝහල් ගත කිරීමට ඇති බව පවසා 1990 ගිලන්රථ සේවයට දුරකථන ඇමතුමක් ලැබී තිබු බවය.

 

ඒ අනුව ගිලන්රථ නිලධාරීන් අදාළ ස්ථානය වෙත ගොස් පරීක්ෂා කිරීමේ දී එම කාන්තාව මියගොස් ඇතැයි දැනුම් දී තිබේ.

 

එලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි කාන්තාවකි.

 

පසුව මියගිය කාන්තාවගේ දියණිය විසින් මවගේ මරණය සැක සහිත බව පවසමින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

 

ඒ අනුව සිදුකළ මරණ පරීක්ෂණයේ දී එම මරණය ගෙල සිරකර සිදුකළ ඝාතනයක් ලෙස තීන්දු කර තිබේ.

 

මෘත ශරීරය ඥාතීන්ට භාරදී ඇති අතර, සැකකරු හඳුනාගෙන නොමැත.

 

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දිවුලපැලැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අධිකරණය විශ්වාසයි – සත්‍ය ජයගන්නවා – ක්‍රිෂ් චෝදනාවට නාමල්ගෙන් X සටහනක්

Editor O

සෙනාරෝ ශ්‍රී ලංකා සමාගම SLIM විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

Editor O

ඊයේ ආසාධිතයන් 21 න් 19 දෙනෙකු නාවික සෙබලුන්

Mohamed Dilsad

Leave a Comment