දේශීය

ඩීන්ස් පාර වැසේ

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන ඩීන්ස් පාර රථවාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසාදැමීමට පියවර ගෙන තිබේ.

 

මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණි.

 

කෙසේවෙතත් ඩීන්ස් පාර වසා දැමීම හේතුවෙන් එම සිසුන් මරදාන පොලීසිය අසල සිට විරෝධතාවයේ නිරත වන බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

 

සබරගමුව වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකක ගොඩනැගිල්ල කඩිනමින් ආරම්භ කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබේ.

Related posts

රවී කරුණානායක ට සහ අර්ජුන් අලෝසියස් ට එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කරයි.

Editor O

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වී, පළමු මාසය තුළ පුද්ගලයින් 37,660ක් පිටුවහල් කරලා

Editor O

මහනුවර පවතින දැඩි වාහන තදබදයට පිළියමක්

Mohamed Dilsad

Leave a Comment