දේශීය

විදුලි වාහන 7ක් රේගු භාරයේ රඳවා ගැනීමට ගත් තීරණයට එරෙහිව නියෝගයක්

2022 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට අනුව ආනයනය කරන ලද විදුලි වාහන 7ක් රේගු භාරයේ රඳවා ගැනීමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගෙන ඇති තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

 

තම සමාගම විසින් නීත්‍යානුකූලව ආනයනය කළ විදුලි වාහන හතක් රේගු භාරයේ රඳවා ගැනීමට එරෙහිව පුද්ගලික සමාගමක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්ය.

 

ඊට අමතරව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාර සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දහම් පෙරේරා හෝ සමාගමේ කිසිදු නියෝජිතයකු අත්අඩංගුවට ගැනීම වළක්වමින් විනිසුරු මඩුල්ල තවත් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

 

පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ආකාරයෙන් කටයුතු කර ඇති අතර රේගුව සමග ඉතා විශ්වාසවන්ත ආකාරයෙන් කටයුතු කර තිබෙන බවත් පෙන්වාදෙනු ලැබීය.

 

2022 වසරේ අගෝස්තු 31 වනදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කරන ලද චක්‍රලේඛය ප්‍රකාරව පෙත්සම්කාර සමාගම විසින් ගෙන්වන ලද විදුලි වාහන හතක් සම්බන්ධ ලේඛන නීතිවිරෝධී යැයි පවසමින් ඒවා මුදාහැරීම ප්‍රතික්ෂේප කිරීමට රේගුව කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

 

මෙම ක්‍රියාවලිය නීතියට පටහැනි යැයි තීන්දු කොට එම කටයුතු වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

 

Related posts

රටවල් 48කට ලබාදුන් නිදහස් වීසා කාලය තවත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ලෝක කුසලානය කාටදැයි මුරලි කියයි

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 36,600 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment