දේශීය

බාල ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීම සඳහා කටයුතු කළ මෙරට සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වර්තා වේ.

 

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ඉන්දියාවේ සිට ඉමියුනොග්ලොබියුලින් නැමති එන්නත් කුප්පි ආනයන කිරීමේ චෝදනා මත අදාළ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

 

අදාළ ඉන්දීය සමාගම සමඟ සිදුකළ පණිවුඩ හුවමාරුවකින් එම සමාගම කිසිදු ඖෂධයක් ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට අපනයන කර නොමැති බවට අනාවරණය කරගත් බවට ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් පසුගියදා ප්‍රකාශ කළේය.

 

ඒ සඳහා මෙරට සමාගමක් මෙලෙස ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බව එහිදී අනාවරණය වුණි.

Related posts

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (28) සවස

Editor O

උදා වූ අසිරිමත් නත්තල වෙනුවෙන් ජනපතිගෙන් හා අගමැතිගෙන් සුභාශිංසන

Mohamed Dilsad

විද්‍යාපීඨ අයැදුම්කරුවන් හට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment