ප්‍රමුඛ පුවත 1

මෙරටට GSP + බදු සහනය අද සිට ක්‍රියාත්මකයි

(උදයම්,කොළඹ)   –  මෙරටට GSP +  බදු සහනය අද (19) සිට ක්‍රියාත්මක වන බව යුරෝපා සංගමය පවසයි.

වසර 2021 දක්වා ශ්‍රී ලංකාවට එම බදු සහනය හිමිවනු ඇති බවද යුරෝපා සංගමය ප්‍රකාශ කළේය.

මීට පෙර ශ්‍රී ලංකාවට අහිමි කර තිබු එම බදු සහනය යළි ලබාදීමට යුරෝපා සංගමය තීරණය කළ අතර අද දිනයේ සිට එය බලපැවැත්වෙයි.

ඒ අනුව මෙරටින් ආනයනය කරන භාණ්ඩ සඳහා යුරෝපා රටවලින්  බදු පැනවීම සීමා වනු ඇත.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ යනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි.

මෙරට අපනයනවලින් තුනෙන් එකක් පමණ යුරෝපා රටවලට සිදු  කරනු ලබයි.

Related posts

ජනපති කාර්යාලයේ රියදුරෙකු මත් කුඩු සමග අත්අඩංගුවට..

Mohamed Dilsad

වනජීවී නිලධාරීන් දෙදෙනෙකුට වන අලි ප්‍රහාරයක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 100 දක්වා ඉහලට

Mohamed Dilsad

Leave a Comment