දේශීය

ඉදිරියේදී විදුලි බිල අඩු කිරීමේ වැඩපිළිවෙලක්

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අකර්මණ්‍ය කිරීම සඳහා ක්‍රියාත්මක වූ සියලු බාධක මේ වනවිට මැඩපවත්වා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

 

ඔහු සඳහන් කළේ, විදුලි උත්පාදන අමුද්‍රව්‍ය රැස් කරගැනීම සඳහා එහි සැපයුම්කරුවන් සමග යම් යම් තීන්දු තීරණවලට එළඹ ඇති බැවින් ඉදිරියේදී විදුලි ගාස්තු අඩු කිරීමේ වැඩපිළිවෙල සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

 

ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

උසස් පෙළ විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල්ගෙන් ප්‍රකාශයක්

Editor O

ජල සහ විදුලි ගෙවීමට සහන කාලයක්

Mohamed Dilsad

බස් රථවල සහ දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනයට හෙට සිට අවසර

Mohamed Dilsad

Leave a Comment