දේශීය

කැස්බෑව පොලීසියෙන් පහරදුන් බවට පුද්ගලයෙකුගෙන් පැමිණිල්ලක්

තමන්ට කැස්බෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අමානුෂිකව පහරදුන් බවටත් පොලිස් ස්ථානය තුළදී සිය බිරිඳව හිංසනයට ලක්කළ බවටත් චෝදනා කරමින් පුද්ගලයෙකු අද (23) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් කර තිබේ.

 

ඔහු එහිදී චෝදනා කර සිටින්නේ පසුගිය 17 වනදා අලුයම් කාලයේ පොලිස් ජීප් රථයකින් පැමිණි කැස්බෑව පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් තමන්ව රැගෙන ගොස් පාළු ස්ථානයකදී දෙඅත් බැඳ අමානුෂික ලෙස පහරදුන් බවයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිස් ස්ථානයෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ මෙම චෝදනාව සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

 

Related posts

පෙරු රාජ්‍යය උතුරු වෙරළ ආසන්නයේ භූකම්පනයක්

Editor O

ඉදිරි කාලය තුල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් [VIDEO]

Mohamed Dilsad

කොළඹ සහ ගම්පහ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment